ශ‍්‍රී ලංකා ඉතිහාසයේ කිසිඳු රජයක් ලබා නොදුන් අසාමාන්‍ය ආයෝජන බදු සමාවක් වත්මන් රජය ලබා දෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප‍්‍රකාශ කළා. විදේශයන්හි රඳවා තිබූ මුදල් යළි මවුරටට ගෙනඒමේ අරමුණින් මෙම බදු සමාව ලබා දෙන බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ.