
සිංහලයේ ජාතික පෙරමුණ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා. රාජකීය පණ්ඩිත මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් එහි සභාපති ලෙසත් පූජ්‍ය අගුළුගල්ලේ ජිනානන්ද හිමියන් එම සංවිධානයේ ජාතික සංවිධායක ලෙසත් කටයුතු කරනවා.
ශ‍්‍රී ලංකාවේ සෛවරීභාවය, භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීම ඇතුළු මූලික ප‍්‍රතිපත්ති 07ක් මත සිය ව්‍යාපාරය මෙහෙයවන බවයි එම සංවිධානය පවසන්නේ. ඉදිරියේදී අවශ්‍ය වුවහොත් දේශපාලන පක්‍ෂයක් ලෙස ක‍්‍රියාත්මක වන බවද පූජ්‍ය අගුළුගල්ලේ ජිනානන්ද හිමියන් සඳහන් කළා.