නව කැබිනට් මණ්ඩලය අද හෝ හෙට පත්කරන බව විමල් වීරවංශ මහතා පවසයි.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

එසේම රනිල් වික්‍රමසිංහ මහතාට හෙට පෙරවරු 8.00 දක්වා අරලිය ගහ මන්දිරයෙන් ඉවත්වීමට කාලය ලබාදී ඇති බවත් එසේ ඉවත් නොවන්නේ නම් නීතිය අනුව ක්‍රියාත්මක වන බවත් ඔහු පැවැසීය.