යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දල කෙටුම්පත එළඹෙන පෙබරවාරි මාසය මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර් සම්බන්ධන් පවසනවා

දෙමළ ජාතික සන්ධාන නායකයා මේ බව ප‍්‍රකාශ කර ඇත්තේ මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබද 2015 වසරේ සිට දිගින් දිගටම කතා කළ ද මෙතෙක් එය ඉටු නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී ප‍්‍රශ්න කර තිබෙනවා

ඊට ප‍්‍රතිචාර දක්වමින් ආර් සම්බන්ධන් මන්ත‍්‍රීවරයා පවසා ඇත්තේ තමන් ඒ පිළිබද තවදුරටත් විශ්වාසයකින් පසුවන බවයි