නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය ධූරයේ අද (ජූලි 25) වැඩ භාර ගෙන තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පෙරවරුවේ ඔහු වැඩ භාර ගෙන ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන ජූලි 22 වනදා දිවුරුම් දුන්නේ ය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 27 වන අග්‍රාමාත්‍යවරයා වන්නේ, දිනේෂ් ගුණවර්ධන යි.