නව අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය අද (ජූලි 22) පෙරවරු 10.00ට කොළඹ 03, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිත ය.

පැවති කැබිනට් අමාත්‍යාංශවලට එම ඇමැතිවරුන් පත් කිරීමට නියමිත අතර විදේශ කටයුතු අමාත්‍යාංශයට මහාචාර්ය ජී.එල්. පීරිස් වෙනුවට නීතිඥ අලි සබ්‍රි පත් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ සෙසු දේශපාලන පක්‍ෂවල නියෝජනය ද හිමි වන පරිදි තවත් අමාත්‍ය ධ්හූර කිහිපයක් සඳහා ද සති දෙකක් ඇතුළත පත්වීම් සිදුවනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ ය.

රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ, මේ සම්බන්ධව ඒ ඒ පක්ෂ සමග ජනාධිපතිවරයා සාකච්ඡා කරමින් සිටින බව ය.

දෙමළ හා මුස්ලිම් පක්ෂවලටත් අමාත්‍ය තනතුරු හෝ රාජ්‍ය අමාත්‍ය තනතුරු සඳහා ඇරයුම් කර ඇතැයි ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.