new-zealand-vs-sri-lanka1

නවසීලන්ත තරග සංචාරයකට සහභාගි වන ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම  දිවයිනෙන් පිටත්ව ගියා. ශී‍්‍ර ලංකා කණ්ඩායම නවසීලන්ත තරග සංචාරයකට එක් වන්නේ වසර 8කට පසුවයි. එවකට කී‍්‍රඩා කළ කී‍්‍රඩකයින් රැසක් මෙවර සංචාරයට එක් නොවීමද කැපී පෙනන කරුණක්.

 එවකට කී‍්‍රඩා කළ කී‍්‍රඩකයින්ගෙන් මෙවර සංචිතයට ඇතුළත්ව සිටින්නේ සුපිරි කී‍්‍රඩක කුමාර් සංගක්කාර පමණයි. ඔහු හැර අද පිටත්ව ගිය සියලූ කී‍්‍රඩකයින් නවසීලන්ත තරග සංචාරයකට එක්වන පළමු අවස්ථාව මෙය වනවා.

පළමු ටෙස්ට් තරගය මේ මස 26 වැනිදා ක්‍රයිස්ට්චර්ච් හිදීද, දෙවැනි තරගය ජනවාරි මස 3 වැනිදා වෙලින්ටන්හිදීත් පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන පළමු පුහුණු තරගය එළැඹෙන 21-22 ක්වීන්ස්ටන්හිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, ශමින්ද එරංග, රංගන හේරත්, දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, ධම්මික ප්‍රසාද්, කෞෂාල් සිල්වා,දුෂ්මන්ත චමීර, නිරෝෂාන් දික්වැල්ල, නුවන් ප්‍රදීප්, ප්‍රසන්න ජයවර්ධන, තරිඳු කෞෂාල්, ඩිල්රුවන් පෙරේරා, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න