වත්මන් දේශපාලන නොසන්සුන්තාව හේතුවෙන් රටේ ජනතාවගේ ජනජීවිතයට කිසිදු බලපෑමක් එල්ල නොවිය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. මහජන සේවාවන් අඩාලවීමට ඉඩ නොතබා වගකීම් නිසි ලෙස ඉටු කරන ලෙසයි ජනාධිපතිවරයා සියළු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ. ඊයේ (30) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ස්ථිර පත්වීම් ලිපි ප‍්‍රදාන උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.

අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කර ඇත්තේ ව්‍යවස්ථානුකූලව බවත් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් වගකීම තමන් භාර ගන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කළා.