ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුල ජනප්‍රිය ගායිකාවක් වන උමාරියා සිංහවංශ නැවත වරක් විවාහ ගිවිසගෙන තිබෙනවා. පසුගියදා යුරෝපා රටකදී සිය පවුලට සම්බන්ද අයෙකු සමඟ නැවත වරක් විවාහ ගිවිසගෙන ඇති අතර පවුලේ ඥාතීන් සහ සමීපතම හිතවතුන්ද විවාහ උත්සය සඳහා සහභාගී වී තිබෙනවා.

මීට පෙර උමාරියා විවාහ වී සිටියේ ගායන ශිල්පියෙකු වන දෙව්ශාන් පෙරේරා සමඟයි.

නව විවාහය සම්බන්ධයෙන් ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් ද යොදා තිබුනේ “Where there is love, there is life.” #newbeginnings යනුවෙන්.

මේ අතර තමන්ගේ අලුත් ජීවන ඇරඹුම සහිත සටහනත් සමඟ ඇයගේ ෆේස්බුක් පිටුවෙහි මුදු පැළඳි ඡායාරූපයක්ද එක්කර තිබුණා.