203673.3

සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා හැමිල්ටන් පිටියේ පැවති දෙවැනි එක්දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 248කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 249ක ඉලක්කයක් ලැබුනි.

(රුපය මත click  කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge)

8282727272

නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් සිය එක්දින දිවියේ පස්වැනි ශතකය වාර්තා කළේය.

කඩුලු 2 ලකුණු 158ක්ව ප්‍රබල ස්ථානයක පසුවූ නවසීලන්ත ඉනිමේ කඩාවැටිම ආරම්භ වූයේ එම ලකුණු සංඛ්‍යාවේදී නායක බ්‍රෙන්ඩන් මැකලම් දැවී යාම හේතුවෙනි.

නවසීලත්න කණ්ඩායමේ අවසන් කඩුලු 8 ලකුණු 90ක් තුළ දවාගැනීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ සමත්වූහ.

පන්දුවට පහර දීම ඇරඹු ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 4ක් තුල ලකුණු 252ක් ලබා ගනිමින් තරගය ජය ගනිමට සමත් විය.

මේ තරගයේදි සිය එක්දින දිවියේ 19 වැනි ශතකය වාර්තා කිරිමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් සමත්විය.

3131313131313131