Cesar Cervantes, a suspected leader of the drug gang "The Resistance," gets his handcuffs adjusted during a presentation to the media in Guadalajara

කුලියාපිටිය ප්‍රසිද්ධ පාසලක්‌ යාබදව ඇති සිනමා ශාලාවක පොහෝ දිනක එම පාසලේ සිසුන්ද ඇතුළුව බාලවයස්‌කාර පෙම්වතුනට ලිංගික ක්‍රියා සඳහා ඉඩ ලබාදීම යන චෝදනාවට වරද පිළිගත් සිනමාහලේ කළමනාකරුවන් දෙදෙනා හඳුනාගෙන දඬුවම් නියම කිරීමට මාර්තු 30 වැනිදා නඩුව නැවත කැඳවීමට මහෙස්‌ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා නියම කළේය.

එසේ වරද පිළිගත්තේ කසුප් විඡේනායක හා රුවිශාන් කෞශල්‍ය නම් අදාළ සිනමාහලේ කළමනාකාරීත්වයේ දෙදෙනෙකි.

උ.පො.ප. බන්ධුල විජයලත් මහතා පැමිණිල්ල මෙහෙය වූ අතර නීතිඥ මාධව අධිකාරි මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.