
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී දුමින්ද සිල්වා ගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වෙයි.මහාපරිමාණ මත්කුඩු ජාවාර්ම්කරුවෙකු වූ වෙලේ සුදා ඉකුත් දිනවල තමා හා සබදතා පැවැත්වූ පුද්ගලයින් පිළිබඳ හෙළිදරව් කළ අතර දුමින්ද සිල්වාගේ නමද ඒ අතර විය.
කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා රහස් පොලිසිය වෙත පැමිණ තිබෙනවා. ඒ අද උදෑසන 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට කළ කැඳවීමට අනුවය.