විශේෂ කාල සටහන් වලින් බැහැරව ලබන සදුදා සිට පෙර පරිදිම පැවති කාල සටහන් යටතේ දුම්රිය ධාවනය කෙරෙන නමුත් තවදුරටත් දුම්රියන්ගේ මගීන් රැගෙන යන්නේ ආසන ප‍්‍රමාණයට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව දුම්රියෙන් ගමන් කිරීමට අපේක්ෂිත සියලූ‍ මගීන්ට සේවා සැපයීමට හැකි වනු ඇද්දැයි සහතික විය නොහැකි බවයි කළ විමසීමකදී ප‍්‍රකාශ කෙරුණේ. 

දුම්රිය සඳහා ආසන කලින් වෙන් කර ගැනීමේ පටිපාටිය තවදුරටත් ක‍්‍රියාත්මක වන බව හෙිදී ප‍්‍රකාශ කෙරුණා.

කොවිඞ් 19 වසන්තයෙන් පසු මේ දක්වා දුම්රිය ධාවනය කෙරුණේ විශේෂ  කාලසටහනක් යටතේ දෛනිකව සීමිත ප‍්‍රමාණයක් පමණයි. 

එහෙත් ලබන සදුදා සිට දුම්රිය කිහිපයක් හැර  පෙර පැවති කාල සටහන යටතේ සියලූ‍ දුම්රිය ධාවනය කරන බව ශ‍්‍රී ලංකා දුම්රිය සේවය ඊයේ නිවේදනය කළා.