ගත වූ මාස 02 ක පමණ කාලය තුල සිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 900 ක පමණ පාඩුවක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී එස් පොල්වත්තගේ පැවසුවේ දුම්රිය වාර ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කිරීම මාස 02 ක පමණ කාලයක් නතර වී තිබීම හේතුවෙන් මේ දිනවල සීමිත දුම්රිය ප‍්‍රමාණයක් ධාවනය කෙරුණ ද දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායමක් නොලැබෙන බවයි.