ඓතිහාසික දීඝවාපිය පුදබිමේ සිදුකළ කැනීමකදී සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬු 04 ක් සොයා ගෙන තිබෙනවා.

ඒ, දීඝවාපිය පුදබිම ආශි‍්‍රත ප‍්‍රදේශයේ සිදුකරන පුරාවිද්‍යා කැනීම්වලදීයි. මෙම කරඬු 04 තැන්පත් කර තිබී ඇත්තේ ශෛලමය මංජුසාවක් තුළයි.

එම මංජුසාව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත විවෘත කිරීමෙන් පසුවයි මෙම කරඬු 04 සොයා ගෙන ඇත්තේ. එම කරඬු 04 ද ඊයේ දිනයේ විවෘත කර ඇති අතර එහි තැන්පත් කර තිබී මෙම සර්වඥ ධාතූන් වහන්සේ හමුවූ බවයි පොලීසිය පැවසුවේ