එළඹෙන වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 7,160 ක් ලියාපදිංචි කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ මෙම දන්සැල් පරීක්ෂා කිරීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3000 ක් සේවයේ යොදවා ඇති බවයි.

බැතිමතුන්ට අහිතකර ආහාර පාන ලබා දෙන දන්සැල් වන්නේ නම් ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් සඳහන් කළා.