දිවයිනේ සියලූම පාසල්වල අධ්‍යයන කටයුතු අද (08) සිට සාමාන්‍ය පරිදි ආරම්භ වුණා.

කොරෝනා වසංගතය හමුවේ මීට පෙර පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණේ අදියර කිහිපයක් යටතේයි. ඒ අනුව අද සිට සාමාන්‍ය පරිදි ආරම්භ වන පාසල්වල අධ්‍යයන කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතව සිදුකෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.

සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පාසල් පරිශ‍්‍ර තුළ නිරන්තර පරීක්ෂාවන් සිදුකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළා.

දරුවන් උණ, සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, ඔවුන් පාසැල් වෙත යොමු කිරීමෙන් වළකින ලෙස ද මෙහිදී මවුපියන්ගෙන් ඉල්ලීමක් කෙරුණා.