විදුලි උත්පාදනයට හා රටට අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීමට ප්‍රමාණවත් මුදල් ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම්දී තිබෙනවා. 

ඒ, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට සහ විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමටයි. 

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේ ඊයේ පැවති කැබිනට් රැස්වීමේදීද ඉන්ධන අර්බුධය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත්දා රාජ්‍ය බැංකුවලට නියෝග කර තිබුණේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ණය ලබාදිය හැකි සීමාව ඉක්මවා ණය ලබානොදෙන ලෙසයි. 

එමෙන්ම මෙරටට ඉන්ධන ගෙන එන නෞකා සඳහා ඩොලර් සොයාදීම මහ බැංකුවේ කාර්්‍යභාරයක් නොවන බවද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කර ඇති බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.