පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (13) ලබා දීමට නියමිත බව වාර්තා වෙනවා.

අද පස්වරු 4.00ට අදාළ තීන්දුව ලබා දෙනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ඒ අනුව පසුගිය නොවැම්බර් මස 09 වැනි දා පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් නියෝගයයි මෙලෙස අද පස්වරු 4.00 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ.

තීන්දුව විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයා  දැනුම් දී ඇත්තේ.