Skip to content

එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් සැමරීමේ උත්සව සංවිධාන කර තිබු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසට නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
පසුගිය 18 වනදා මන්නාරම, මුල්ලිවයික්කාල්, වව්නියාව, යාපනය ඇතුළු ස්ථාන රැසක දී ත්රස්තවාදීන් සැමරීමේ උත්සව කිහිපයක් පැවැත්වීමට දෙමළ ජාතික සංධානය කටයුතු කර තිබු බව ඔවුන් පෙන්වාදෙයි.
මේ සදහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකු ඇතුළු උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වී ඇති බව ජාතික නිදහස් පෙරමුණ කියයි.
කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් බෙදුම්වාදී මතවාද පතුරුවන සහ රහසිගත සන්නද්ධ ක්‍රියාකාරකම් වල නිරත වන ශ්‍රී ලාංකිකයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි