තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දස දෙනෙකු සුවය ලබා ඇත. 

නාවික රෝහල, අයි.ඩී.එච්, වැලිකන්ද, මුල්ලේරියාව සහ හෝමාගම යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පිරිසක් සුවය ලබා පිටව ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ. 

ඒ අනුව මෙරට වාර්තා වන කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 1633 දෙනාගෙන් 811 දෙනෙකු සුවය ලබා තිබේ. 

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 811 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.