ඊයේ(02) රාත්‍රී 11.50 වන විට තවත් ‍ආසාදිතයින් 27 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1683 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය වන විට පුද්ගලයින් 823 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ අනුව පුද්ගලයින් 849 ක් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

මෙරට ‍කොරෝනා මරණ 11 ක් මේ වන විට සිදුව තිබේ.