පානදුර ලංගම බස් නැවතුම්පොළ අසල නීතිවිරෝධීව වෙළඳාම් කළ තරුණයින් දෙදෙනා ඉවත් කළේ නීත්‍යානුකූල අන්දමින් බව පානදුර නගර සභාවේ නගරාධිපති නන්දන ගුණතිලක පවසනවා.

මීට පෙර ඒ පිළිබඳ මෙම පුද්ගලයින් දෙදෙනා දැනුවත් කර තිබූ බවයි නගරාධිපතිවරයා නෙත් නිවුස් වෙත පැවසුවේ.

පානදුර ලංගම බස් නැවතුම්පල අසල මෙලෙස එළවළු අලෙවි කළ තරුණයින් දෙදෙනෙකුගේ එළවළු කරත්තය අනවසර ඉදිකිරීමක් යැයි පවසමින් කඩා දැමිමේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ ද ප‍්‍රචාරය වුණා.

රුපියල් 35,000ක් පමණ වටිනාකමකින් යුත් සිය එළවළු කරත්තය පෙරළා දැමූ බව කියන පුද්ගලයින්ට එක් තරුණයෙකු බැන වදින ආකාරය එහි දැක්වෙනවා. මෙම කරත්තය පෙරළා දැමුවේ එළවළු කරත්තය හිමි තරුණයා විසින්ම බවයි නගරාධිපති නන්දන ගුණතිලක මාධ්‍යට පවසා තිබුනේ.
https://www.facebook.com/WaveHub.lk/videos/1054231698079830/