ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර දෙවන ටෙස්ට් තරගයේ ලකුණු 68කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තා.

පාකිස්තාන කණ්ඩායමක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ටෙස්ට් තරගාවලියක් පරාජයට පත්වූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වනවා.

ලකුණු 317ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 248ක් පමණයි.

අසාඩ් ශාෆික් ලකුණු 112ක් රැස්කළ අතර ඩිල්රුවන් පෙරේරා කඩුළු පහක් දවා ගැනීමට සමත් වුණා.