නව කොරෝනා ආසාධිතයන්ට ප‍්‍රතිකාර කෙරෙන ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ රෝහල වන IDH  උණ රෝහල වෙත ප‍්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙකු දැඩි සත්කාර ඇදන් සහ ශ්වසන ආධාරක යන්ත‍්‍ර පරිත්‍යාග කර තිබෙනවා.

දැඩි සත්කාර ඇදන් 06ක් සහ ශ්වසන ආධාරක යන්ත‍්‍ර 06ක් ඔහු විසින් මෙලෙස පරිත්‍යාග කර ඇති බවයි වාර්තා වුණේ.

IDH උණ රෝහල සතුව මෙතෙක් පැවතියේ දැඩි සත්කාර ඇඳන් 04ක් සහ ශ්වසන ආධාරක යන්ත‍්‍ර 04ක් පමණයි. 

මේ අතර ගායන ශිල්පී නලින් පෙරෙරා හලාවත පිහිටි ඔහුගේ නිවස නිරෝධායනයට භාවිත කිරීමට ලබා දී තිබෙනවා. අකුරැස්ස හෙල දිව හෙල්ත් කෙයාර් ආයතනයද නිරෝධායනය කටයුතු සඳහා ලබා දීමට එහි පාලන අධිකාරිය කැමැත්ත පල කර තිබෙන බවයි වාර්තා වුණේ.

නව කොරෝනා ආසාධිතයන්ට ප‍්‍රතිකාර කිරීම සහ නව කොරෝන පැතිර යාම වැලැක්වීමට වෛද්‍යවරුන් ඇතුලූ කාර්ය මණ්ඩලය ඉමහත් කැප කිරීමකින් සේවයේ යෙදී සිටිනවා. ඒ අනුව ඔවුන්ට පහසුකම් සැපයීමට පරිත්‍යාගශීලීන් ඉදිරිපත් වී සිටීම සතුටට කරුණක්.

ඉමහත් කැප කිරීමකින් සේවයේ යෙදී සිටින තංගල්ල මූලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට එලෙස පහසුකම් සැපයීමට තංගල්ල සිලෝන් සී හෝටලය ඉදිරිපත් වී සිටිනවා. ඒ අනුව තංගල්ල මූලික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට ආහාරපානද සහිතව නොමිලේ නවාතැන් ලබාදෙන බවයි එම හෝටල් පාලන අධිකාරිය පැවසුවේ.