ඉදිරි මාස හතරක කාලයක් සඳහා ඩීසල් නැව් තොග 4ක් මිල දී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවටයි.

ඒ සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තු ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති බව සඳහන්.

ඒ අනුව ලංසු පහක් ඉදිරිපත් වී තිබුණා.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත සිංගප්පූරු සමාගමකට අදාළ ප්‍රසම්පාදන පිරිනැමීම සඳහා එහි දී අනුමැතිය හිමි වූ බව සඳහන්.

ඒ අනුව ‍මෙම වසරේ නොවැම්බර් මස පළමුවැනිදා සිට ලබන වසරේ පෙබරවාරි මස 29 වනදා දක්වා මෙම ඉන්ධන මිල දී ගැනීම සිදු කරනු ඇති.