පලෙයි පොලිස් වසමේ මුහමාලේ ප්‍රදේශයේ දී දිරා ගිය ටී 56 ගිනි අවි 3ක් හා එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ නිලඇඳුම් හමුව තිබේ.

හෙලෝට්‍රස්ට් නැමති බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතනය මඟින් බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ නිරත වෙමින් සිටිය දී මුහමාලේ කැලෑබද ප්‍රදේශයෙන් මෙම ද්‍රව්‍ය හමුව තිබේ.

ඒ අතර මිනිස් අස්ථි කොටස් කීපයක්ද තිබී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ සම්බන්ධයෙන් කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තාකර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතව ඇත.

පලෙයි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.