President Donald Trump speaks during a meeting with Gov. Kim Reynolds, R-Iowa, in the Oval Office of the White House, Wednesday, May 6, 2020, in Washington. (AP Photo/Evan Vucci)

අමෙරිකාව තවමත් කොවිඩ් වසංගතයේ දැඩි බලපෑමට ලක්ව සිටින පසුබිමක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට මැතිවරණ ප්‍රචාරණ රැලියක් පැවැත්වීමට සූදානම් වන බව වාර්තා වේ.

පසුගිය පැය 24 තුළ වාර්තා වූ මරණ 747 ත් සමග අමෙරිකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 120,000 ඉක්මවා ගියේය.

ඊට ඊයේ දිනයේදී එක්වූ ආසාදිතයන් ගණන 27,881 ක්.

දෛනිකව අමෙරිකානු ආසාදිතයින් ඉහළයද්දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට ඔක්ලහෝමා ප්‍රාන්තයේ ටුල්සා නගරයේදී මැතිවරණ ප්‍රචාරණ රැලියක් පැවැත්වීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

රැළියට සහභාගිවන්නන්ට සමාජ දුරස්ථභාවය හා ආරක්ෂිත මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කර නැහැ.

ටුල්සා රැලියේදී ඇතැම් අයට කොවිඩ් වැළඳීමේ අවදානමක් පවතින බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.