ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 4ක් ආනයනය, රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය 2023 ජූනි 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව,

  • එක් වරක් පමණක් භාවිත කරනු ලබන ප්ලාස්ටික් බීම මට සහ කැලතීමේ උපකරණ,
  • ප්ලාස්ටික්වලින් නිර්මිත යෝගට් හැඳි ඇතුළුව වරක් භාවිත කර ඉවත ලන පිඟන්, කෝප්ප (යෝගට් කෝප්ප හැර), හැඳි, ගෑරෙප්පු සහ පිහි,
  • ප්ලාස්ටික් මල් මාලා,
  • ප්ලාස්ටික්වලින් නිර්මිත ඉඳිආප්ප වට්ටි සඳහා එම තහනම පැනවෙනු ඇත.

වරක් භාවිත කර ඉවත ලන (single-use) ප්ලාස්ටික් / පොලිතින් නිෂ්පාදන 7ක් ආනයනය, රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා 2021 වසරේ අගෝස්තු මස 30 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන තිබේ.

ඒ අනුව, එම යෝජනා පිළිබඳව පරීක්ෂා කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර එම විද්වත් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මගින් අදාළ නිෂ්පාදන තහනම් කිරීමට නිර්දේශ කර ඇත.

ඊට අදාළ යෝජනාව පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.