අපේ ජන බල පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා. 

ඒ, එම පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය සඳහා තමන් ඉදිරිපත් වන බවට උන්වහන්සේ විසින්ම මැතිවරණ කොමිසමට දැනුම් දීම හේතුවෙන්. 

අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා පැවසුවේ සිය පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ඒකමතික අනුමැතියෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිිමියන්ගේ නම ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය සඳහා ඉදිරිපත් කළ බවයි.