පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලීසියට ලබන සඳුඳා (19) පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් පැවසුවේ ඊයේ දිනයේ මෙන්ම ඊට පෙර දින දෙකේදී ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදු කරන ලෙස එම පැමිණිල්ල ඉදිරිපත් කරන බවයි.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොලීසිය දැනටමත් විමර්ශන ආරම්භ කර ඇති බව කතානායකවරයාද දන්වා ඇතැයි මන්තී‍්‍රවරයා වැඩිදුරටත් කියා සිටියා.