ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම සම්බන්ධව ඉදිරි කටයුතු හා බඳවා ගැනිම් අණ්ඩව සිදුකිරිමට විදේශ සබදතා, නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව ඒ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගනුලබන IM ජපන් ආයතනයේ මෙරට නේවාසික සාමාන්‍යාධිකාරි එච්. කවහාරා සමග ඊයේ (11) නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු අමාත්‍යාංශයේදි පවත්වනු ලැබුවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේද මෙම සාකච්ඡාව සඳහා එක්වු අතර එහිදි ජපානයේ රැකියා සඳහා මෙරට ශ්‍රමිකයන් බඳවා ගැනිමේ කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යන බවත් පුහුණුවීම් සිදුකරණ බවත් අවධාරණය කෙරුණා. පවතින තත්වය යහපත්වු වහාම ශ්‍රමිකයන් ජපානය වෙත යැවීම හා ඉදිරියේදි රැකියා අවස්ථාවන් වැඩියෙන් ලබාගැනීම සම්බන්ධවද සාකච්ඡා විය. 

මේවන විට ජපානයේ රැකියා සදහා තාක්ෂණික සේවාස්ථ වැඩසටහන යටතේ 100ට අධික පිරිසක් පිටත්ව ගොස් තිබෙනවා. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ජපානයේ ඉතා හොදින් රැකියාවල නිරත වී සිටින බව මෙහිදි IM ජපන් ආයතනයේ මෙරට නේවාසික සාමාන්‍යාධිකාරි එච්. කවහාරා සඳහන් කළා.