231 4214124124214

Update:  අලුත්ම වාර්තා පවසන්නේ ප්‍රියන්ත සිරිසේන මහතාගේ හිසේ පිටුපසට තියුණු අවියකින් ප්‍රහාරයක් එල්ල කල බවට සැක කල ඔහුගේ මිතුරෙකු වන ලක්මාල් නැමැත්තා බකමුණ පොලිසියට භාර වී තිබෙන බවයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරු වැලි රාජු නමින් ප්‍රකට පි‍්‍රයන්ත සිරිසේන මහතාට තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලබා තිබේ.

පොළොන්නරුව, බැදිවැව, හතරේ ඇළ ප‍්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව පොලීසිය කියයි. පොළොන්නරුව  හතරේ ඇළ ගරාජයක් අසලදී අද සවස හතට පමණ අනතුරකට ලක් වු  ප්‍රියන්ත සිරිසේන මහතාගේ හිසේ පිටුපසට තියුණු අවියකින් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි පවසන වෛද්‍යවරු  ඔහුගේ ජීවිතය බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරති.

මේ වන තුරුත් පොලීසිය කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නැත.වැලි රාජු ගේ මිතුරෙකු වන ලක්මාල් නමැත්තා මේ ක්‍රියාව සම්බන්ධයෙන් සැකයට ලක්ව තිබෙනවා.

පොරොවකින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඒ මහතා මේ වනවිට පොළොන්නරුව රෝහලෙන් හිඟුරක්ගොඩ රෝහලට මාරු කර යවා ඇත.

ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කොළඹට රැගෙන ඒමට නියමිත බව ද වාර්තා වේ.