ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) ඔස්ට්‍රේලියානු අග්‍රමාත්‍ය මැල්කම් ටර්න්බූල් මහතා හමුවී තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අතර ද්වීපාර්ශවික සාකච්ඡාවක් කැන්බරා නුවර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද උදෑසන පැවැත්වුණි.

මේ අතර අද දිනයේදී ජනාධිපතිවරයා සිඞ්නි නගරයටද පැමිණීමට නියමිතය.