ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පර්ත් නුවර සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව අතර හමුවක් සිදුව තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්කිරීමේ උත්සාහය මෙන්ම ආර්ථික නවීකරණ සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

දේශගුණික විපර්යාස, සංචාරක ව්‍යාපාරය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සංවර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා රජයට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බවයි එහිදී පර්ත් නුවර සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔස්ට්‍රේලියාවේ සිටින  ශ්‍රී ලාංකිකයින් හමුවී තිබෙනවා.

ඒ, පර්ත් නුවරදීයි.

එහිදී ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ආර්ථික නවීකරණ සැලසුම් සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.