ජනාධිපතිවරයා සිය නිල ෆේස් බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව ද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින් එදිනෙදා කාර්යයන්හි නිරත වෙමින් කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහ සමස්ථ ආර්ථිකය නැවත පණගැන්වීමට දායක වන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අද (26) අලුයම 5.00 සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් කෙරුනා.

ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දුන්නේ.

ඒ අනුව දින 66කට පසු පළමුවරට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක සඳහා ද අද දිනයේ සිට ඇඳිරි නීතිය ලිහිල් වනවා.