මෙරට මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශ්වාසනීයත්වය තහවුරු වන තුරු රුපියල අවප‍්‍රමාණය වීම වැළැක්විය නොහැකි බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල තවදුරටත් අවප‍්‍රමාණය වෙමින් පැවතීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙරට මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශ්වාසනීයත්වය තහවුරු කිරීම සඳහා මහජන ඡන්දයෙන් නව ආණ්ඩුවක් බිහිවිය යුතු බවද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියා.

රුපියල අවප්‍රමාණ වීම ආර්ථික සංසිද්ධියක් මිස දේශපාලන කාරණාවක් නොවන බවද ඔහු මෙහිදී අවධාරණය කරනවා