ලොව විවිධ රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වටමේස සාකච්ඡාවකට එක්වීමට චීනය එකඟ වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී, ක්‍රිස්ටලීනා ජෝර්ජීවා ඒ බව සඳහන් කළාය.

එම සාකච්ඡා සඳහා පුද්ගලික අංශයේ ණය හිමියන් ද එක්වීමට නියමිතය.

එහිදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය ගැන අදහස් හුවමාරු කර ගැනීමට යෝජිතය.