මෙම වසර සදහා ආර්ථික වර්ධන ඉලක්කයක් ප‍්‍රකාශයට පත් නොකිරීමට චීනය තීරණය කර තිබෙනවා. ඒ, කොරෝනා වසංගතයත් සමග ආර්ථිකයේ ඇති වූ විවිධ බිද වැටීම් හේතුවෙන්.

දල දේශීය නිෂ්පාදිත ඉලක්කයක් නොමැතිව චීනය සිය රටේ කටයුතු මෙහෙය වන්නේ වසර 30 කට පසු පළමු වරට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලෝකයේ 2 වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනයේ ආර්ථික වර්ධනය මේ වසරේ පළමු කාර්තුවේදී සියයට 6.8 කින් අඩු වුණා. එය සැලකෙන්නේ 1992 වසරෙන් පසු කාර්තුවක් තුළ චීනයේ සිදුවූ දරුණුතම ආර්ථික කඩා වැටීම ලෙසයි.

මේ අතර චීන ජනාධිපති ෂී ජින්පිං විසින් අද එරට ජාතික මහජන කොංග‍්‍රස් සභාව අමතනු ලැබුවා. එහි විශේෂත්වය වන්නේ ඊට සහභාගි වූ සියළු දෙනා මුඛ ආවරණ පැළදීමේදී ජනාධිපතිවරයා පමණක් මුඛ ආවරණ පැළද නොසිටීමයි. චීන ජාතික මහජන කොංග‍්‍රසය අද රැස්වුණේ මාස 2 කට පසු පළමු වරටයි.