කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයෙන් අනතුරුව පළමු වරට චීනයේ හුබෙයි පළාතේ පාසල් අධ්‍යයන කටයුතු සඳහා යළි විවෘත කර තිබේ.

දින 32ක කාලයක් තුළ හුබෙයි ප්‍රාන්තයෙන් වෛරස ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව සඳහන්.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයෙන් අනතුරුව චීනයේ හුබෙයි ප්‍රාන්තයේ පාසල්වල ඉහළ ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කර තිබේ.

හුබෙයි ප්‍රාන්තයෙන් කොවිඩ් නයින්ටීන් වෛරසය පළමු වරට හඳුනා ගැණුනු අතර මේ වන විට එම ප්‍රදේශයෙන් වෛරස ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.