කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් චීනයේ බීජිං නගරය ආශ්‍රිත ප්‍රදේශයක් යළි වසා දැමීමට තීරණය කර තිබේ.

අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් නිවසක එක් අයෙකුට දිනකට වරක් පමණක් පිටතට යාමට අවසර හිමිවන අතර පිටස්තර පුද්ගලයින්ට එම ප්‍රදේශයට ඇතුළු වීමට අවසර නැත.

මේ හේතුවෙන් ලක්ෂ 4 ක් පමණ ජනතාවට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

පසුගිය වසර අවසන් කාලයේදී කොවිඩ් නයින්ටීන් වසංගතය චීනයේ හුබෙයි පළාතෙන් ආරම්භ වූ අතර මාස කිහිපයකදී එය පාලනය කිරීමට චීන බලධාරීන් සමත් විය.

එහෙත් දෙවන රැල්ලක් ඇති වීම වැළැක්වීම සඳහා සුළු සිදුවීම්වලට පවා චීන බලධාරීන්ගේ දැඩි සැළකිල්ල යොමු වී ඇති බව වාර්තා වේ.