ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව හදිසි ආහාර ආධාර වශයෙන් සහල් ටොන් 2000 ක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා. 

නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් චීන රජය එම තීරණය ගෙන ඇති බවයි. 

අතීතයේ සිට දෙරට එකිනෙකාට අවශ්‍ය අවස්ථාවල සහයෝගය දක්වා ඇති බවත්, සෑම විටම ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහ දැක්වීමට චීන රජය සූදානම් බවත් එම නිවේදනයේ දක්වා තිබෙනවා.