72772727272

හමුදා ප්‍රහාරවලින් මියගිය ගෝපි ඇතුළු කොටි සාමාජිකයන් තිදෙනාගේ ප්‍රථම ප්‍රහාරය වශයෙන් සැලසුම්කර තිබී ඇත්තේ දෙහිවල ගුවන් පාලම පුපුරුවා හැරීම බැව් පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

මෙම ගුවන් පාලමෙන් දිනපතාම උදේ වරුවේ වාහනවලින් ගමන් ගන්නා දේශපාලනඥයන් පිළිබඳව සෙවිල්ලෙන් සිටින ලෙසට ගෝපි ඇතුළු කල්ලිය පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයකු දෙහිවල ප්‍රදේශයේ බේකරියක රැකියාවට යවා තිබිණි. එම කොටි ඔත්තුකරුද මීට සති කිහිපයකට පෙර පොලිස්‌ භාරයට පත් විය.