තම පාසැලේ දක්ෂ ගුරුවරියකට සිදුවු අසාධාරණයක් පිළිබදව එම පාසැලේ ආදී සිසුවියක් තම ගිණුමේන් කල කරුණු දැක්විමක් මේ වන විට අන්තර්ජාලයේ සරිසරමින් පවතිනවා. පහත පළවන්නේ එම විස්තරයයි.අදාල නිලධාරින්ට මේ පිළිබදව යම් අදහසක් පළකිරිමට ඇත්නම් ඒ සදහාද අප අවස්ථාවක් ලබා දීමට සුදානම්.

 

විභාග කොමසාරිස්වරයාගේ පෞද්ගලික මතවාදයට නොපෑහෙන ගුරුවරුන්ගේ ඉරනම මෙයද?

අද දින පාසලට ගිය පසු අසන්නට ලැබූ ප්‍රවෘත්තියෙන් කම්පනය වූ හිතින් මෙය ලියමි. මන්ද යත් විසාකාවේද, ඇගේද මෙන්ම දේශපාලන විද්‍යාවේද ආදි සිසුවියක වශයෙන් ඇය වෙනුවෙන් හඩ අවදි කිරීම මා සතු අනිවාරය වගකීමක් ලෙස මා දකින බැවිනි.

විසාකාවේ මාගේ පංතිභාර මෙන්ම දේශපාලන ගුරු තුමිය වූයේ ඇයයි. ඇය හුදෙක් එක්තරා ගුරුවරියක්ම නොවේ. මා ජීවිතයේ මා දකින මාතෘත්වයෙන් හෙබි, සිය වෘත්තිය ජීවිතය කොට ගත් විපල්වීයම චරිතයක් ලෙස ඇය හැදින්වීම මා කලයුත්තකි. මේ ලිපියට පාදක වන මූලිකම සිදුවීම වනුයේ ඉකුත් අගහරුවාදා ඇය වෙත විභාග දෙපාර්තමේන්තුවෙන් ලැබුනු ඇමතුමයි.

මෙම ඇමතුම ලබා දුන් නිලධාරිනිය ප්‍රකාශ කර ඇත්තේ මාගේ ගුරුතුමියට විරුද්දව එක් දුරකතන ඇමතුමක් හා පෙත්ස්මක් ලැබී ඇති බැවින් මේ වසරේ ප්‍රශ්න පත්‍ර නිරීක්ශනය සදහා පැමිනීම තහනම් කෙරෙන බවයි. එමෙන්ම ඊයේ දිනයේ දී තවත් නිලදාරියෙකු ඈ අමතා ඇයට නොපැමිනෙන ලෙසට කරන දැනුම් දීමේ ලිපියක් යොමු කර ඇති බවද ප්‍රකාශ කර ඇත. මෙම අවස්තාවන් දෙකෙහිදීම මාගෙ ගුරුතුමිය විසින් ඇයට විරුද්දව එවූ පෙත්සම ඇයට පෙන්වන ලෙස කල ඉල්ලීම පැහැර හැර ඇති අතර ඇයට විරුද්දව කිසිදු විනය පරීක්ෂණයක් හෝ ඇගෙන් කිසිදු කරුනු විමසීමක් හෝ සිදු කර නොමැත. වසර ගනනාවක් මුලුල්ලේ ප්‍රශ්න පත්‍ර නිරීක්ශනය සදහා සිය විශ්වාස්නීයත්වයත්, පල පුරුද්දත් තහවුරු කල ගුරුවරියකගේ එම සේවය මෙසේ කිසිදු පරීකශ්නයකින් තොරව හුදෙක් එක් පෙත්සමක් හේතුවෙන් තහනම් කිරීම කෙතරම් සාදාරනීකරනය කල හැක්කක්ද?
දෙපාර්තමේන්තුවේ අනෙකුත් හේතු දැක්වීම වනුයේ ඇය ටියුශන් ශේත්‍රයේ නියුතු වීමත් ඇගේ ටියුශන් පංති පැවත්වෙන ස්තානයේ ඇති ප්‍රචාරක පුවරුවේ ප්‍රමානය විශාල වීමත්‍ ය. ඇය ටියුශන් ක්ශේත්‍රයට අද ඊයෙ පමිනි අයෙකු නොවන බව මම මෙහිදී මතක් කල යුත්තෙමි. අනික් අතට මෙය සැබවින්ම විභාග කොමසාරිස් වරයාගේ පෞද්ගලික හිතලුවක් මත් ඉදිරිපත් කල හේතුවක් මිස පාසල් ගුරුවරියකට ටියුශන් කලාවේ නිරත වීමට එරෙහි කිසිදු නෛතික පදනමක් සතු නොවේ. මෙම හේතු දැක්වීම් සලකා බලන කල මට නම් ගම්‍ය වනුයේ උගත් බුද්ධිමට්ජුන්ගෙන් සමන්විත යැයි කියවෙන් විභාග දෙපාර්තමේන්තුවද ලංකාවේ දේශපාලනය මෙන්ම හාස්‍ය ජනක තත්වයකට පත්ව ඇති බවයි.

මාගෙ ගුරුතුමිය ටියුශන් ක්ශේත්‍රයේ නියුතු වුවද කිසිදු විටෙකත් සිය ප්‍රථම වගකීම අමතක කල අයෙක් නොවන බව මා කියන්නෙ මාගෙ පෞද්ගලික අත් දැකීමෙනි. ඇය ටියුශන් නිසා පාසල් නොගිය වත්, ටියුශන් නිසා පාසල් දරුවන් අත හැර දැමූ වත් ගුරුතුමියක නොවේ. මා අත්දුටු ආකාරය අනුව මට නිශ්චිත්වම කිව හැක්කේ ඇගේ වැඩි අවදානය තිබුනේ පාසලේ ඇගේ සිසුවියන් වෙත බවයි. එය මා පාසල් යන සමයේද, ඊට පෙරද, ඊට පසුද නොවෙනස්ව ක්‍රියාත්මක වන බව මම පැහදිලිවම දනිමි.මන්ද යත් ඇය ඉගැන්වීම සිදු කරන්නේ අපිට හුස්ම ගන්නට ඔක්සිජන් ඕන වෙනවාක් මෙනි. අනික ඈ වැනි ඉගැන්වීම සම් ඇට ලේ මස් නහර සිද ගිය ගුරුවරියක විසාකාවට පමනක් සීමා වන්නේ නම් එය පැහැදිලිවම ජාතික අපරාදයකි. සම්මතයට බියේ හොරෙන් හැංගී ටියුශන් කරනා ඇතම් පාසල් ගුරුවරුන් හා සසදා බැලූ කල ඇය මට වීර වරියකි. දේශපාලන විද්‍යාව උගත් ශිශ්‍යාවක වශයෙන් ඇයට සිදුවූ අයුක්තියට එරෙහිව විභාග කොමසාරිස් වරයාට එරෙහිව ඇයට කිසිදු නෛතික පියවරක් ගැනීමට නොහැකි බව මම දනිමි.නමුත් නිලූ තෙන්නකෝන් යනු කවර ආකාරයේ ගුරුතුමියක්ද යන වග ඊටත් වඩා මට ප්‍රත්‍යක්ෂ හෙයින් මේ ලිපිය ඇය වෙනුවෙන් ලියන්නෙමි. අවසාන වශයෙන් අසන්නට ඇත්තේ එකම එක ප්‍රශ්නයක් පමනි. ඉගැන්වීම කලාවක් කර ගත්, ඉගැන්වීම තුල ජීවත් වන, ඉගැන්වීම වෙනුවෙන්ම ඇප කැප වූ, විභාග ප්‍රශ්න පත්‍ර නිරීක්ශනයේ ඉතාමත් ගෞරවාන්විත්ව සිය කර්තව්‍යය ඉටු කල ඇය වැනි ගුරුවරියකට කිසිදු පරීක්ෂණයකින් තොරව මෙසේ සැලකීම කෙතරම් සදාරන වන්නේද?

(උපුටා ගැනීමකි)