ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයකින් කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා. ඒ,  ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. 

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 6ක් දැවී ලකුණු 158ක් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩුළු 05කට ලකුණු 161ක් රැස් කරමින් එම තරගයේ ජය වාර්තා කළා. රාහුල් ටෙවාටියා පන්දු 24කදී ලකුණු 40ක් රැස් කිරීමට සමත් වුණා.