අනුරාධපුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එල්.ගීගනගේ මහතාට ලැබුණු තොරතුරක් අනුව ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ කරකොලවැව ප්‍රදේශයේ අද(22) උදැසන කල වැටලීමකින් එම ප්‍රදේශයේ ගව ගතකාඝාරයක් තුළ මී ගවයන් මරා දමන ලද බලට සැක පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මරන ලද ගවයින් දස දෙනෙක් හා මැරීම සඳහා තවත් ගවයින් 20 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගවයන් බලපත්‍ර නීති උල්ලංගන කරමින් ඝාතනය කර ඇතැයි පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.

මෙම ගව ඝාතකාඝාරයට ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ලබා දී ඇති අතර මෙහි අවම පහසුකම් පවා නොතිබු බව ද අප වාර්තාකරු පවසයි.

එමෙන්ම ගවයන් ඝාතනයෙන් පසු ඉවත දමන අපද්‍රව්‍ය සුනඛයන් හා කපුටන් කා දමන ආකාරද දක්නට ලැබී ඇත.

මරණ ලද රැපියල් ලක්ෂ 15 පමණ වු මී ගවයින්ගේ මස් තොග විනාශ කිරිම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගන්නා බව ගලෙන්බිදුණුවැව පොලීසිය සඳහන් කර තිබේ.

මෙම වැටලීම සඳහා  අනුරාධපුර කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරින් , ගලෙන්බිදුණුවැව කහටගස්දිගිලිය , හොරොව්පොතාන යන පොලිස් ස්ථානයන්වල ස්ථානාධිපිතිවරු ඇතුළු පොලිස් නිලධාරින් පැමිණ සිටි අතර හොරොපොතාන භාර නියෝජ්‍ය පොලිස් අධිකාරිවරයා ද පැමිණ ඇත.