ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් සංචාරයේ දී ක‍්‍රිකට් ඉතිහාසය වෙනස් කිරීමට ශ‍්‍රී ලංකාවටද අවස්ථාවක් උදා වී තිබෙනවා.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමක් ඕස්ටේ‍්‍රලියාවේ දී මේ දක්වා ටෙස්ට් තරගයක් ජයගෙන නැහැ. සහභාගී වූ තරග 13න් 11ක්ම ශ‍්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වී තිබෙනවා.

කෙසේවෙතත් ඉන්දීය කණ්ඩායම  ඕස්ටේ‍්‍රලියාවේ දී කළ පෙරළියට සමාන පෙරළියක් ශ‍්‍රී ලංකාවට ද කිරීමට හැකි වනු ඇති බවටයි ක‍්‍රිකට් විචාරකයින් මත පළ කරන්නේ. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සිටින පිතිකරුවන්ගේ දක්ෂතා සහ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ සිටින පිතිකරුවන්ගේ අත්දැකීම් අඩු භාවයයි.

ශ‍්‍රී ලංකා –  ඕස්ටේ‍්‍රලියා පළමු ටෙසට් තරගය දිවා රාත‍්‍රී තරගයක් ලෙස හෙට (24) ආරම්භ වනවා.