2020 ජූලි මස 1 වන දින සිට ජාතික කෞතුකාගාරය රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනවල හැර සෑම දිනකම පෙ.ව. 9 සිට ප.ව. 4 දක්වා විවෘත කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මිය පවසයි.

සෞඛ්‍ය, අධ්‍යක්ෂ ජනරාල් විසින් නිර්දේශ කර ඇති සෞඛ්‍ය නීතිරිතිවලට යටත්ව මේ සියල්ල විවෘත වනු ඇත.

ඒ අනුව එක් වරකට උපරිම නරඹන්නන් 15 දෙනෙකු වන පරිදි විනාඩි 30ට වරක් නරඹන්නන් ඇතුළු වීමට සැලසුම් කර තිබේ.

කෞතුකාගාරයට පැමිණීමට පෙර පහත දුරකථන අංකවලට අමතා ඔබගේ චාරිකාව සඳහා දිනයක් හා වේලාවක් වෙන් කරවා ගැනීම මඟින් සිදුවන අපහසුතාවයන් මඟහරවා ගත හැකි බවද අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කරයි.

www.museum.gov.lk‘ වෙබ් අඩවිය මඟින් අවශ්‍ය තොරතුරු ලබා ගත හැකිය.