කොළඹ නගරයේ අනවසර පදික වෙළදාම් සිදුකරන ස්ථාන සහ අනවසර තී‍්‍රරෝද රථ ගාල් සම්බන්ධයෙන් තමන් වාර්තාවක් කැඳවා ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි පවසනවා.

එම වාර්තාව ලැබීමෙන් පසු අනවසර පදික වෙළදුන් සහ අනවසර තී‍්‍රරෝද රථ ගාල් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි ආණ්ඩුකාරවරයා පැවසුවේ. කොළඹ නගරය අලංකාර කිරීමේ වැඩසටහන යටතේ එය කි‍්‍රයාත්මක කරන බවද ඔහු කියාසිටියා.

කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයද ප‍්‍රතිසංස්කරණය කළයුතු බවයි බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.