https://youtu.be/mnL_AQzsRik

අවිස්සාවේල්ල – කොළඹ මාර්ගය හදිසි අනතුරක් නිසා කොස්ගම නගරයෙන් අවහිර වී තිබේ. අවිස්සාවේල්ල සිට පැමිණි බස් රථයක් කොස්ගම නගරයේ නිවසක් හා වෙළද ආයතනයක් තුලට කඩා වැදිමෙන් එක් අයෙකු මිය ගොස් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ අදාල බස් රියදුරු දුරකතනය භාවිත කරමින් පැමිණි බවයි.එසෙම අදාල නිවස අසල වංගුව ගැනීමේදි රියදුරු අසුන ලග දොර විවෘත වී ඇති බවත් ඒ අවස්ථාවෙදි බසය පාලනයෙන් ගිලිහි මේ අනතුර සිදුව ඇති බවයි. බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර අනතුරින් පසු පලා ගොස් තිබේ.